Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
Home Photo Gallery නයිටා නව උපසභාපතිතුමන් වැඩ භාර ගත් අවස්ථාව...

නයිටා නව උපසභාපතිතුමන් වැඩ භාර ගත් අවස්ථාව.....

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ නව උප සභාපතිවරයා ලෙස මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා 2020.01.27 දින අභිනවයෙන් වැඩ භාරගන්නා ලදී. මේ අවස්ථාව සඳහා අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතා, අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුමිය,අධ්‍යක්ෂවරුන් සහ සහකාර අධ්‍යක්ෂවරුන් සහභාගී විය.
ජර්මනියේ Mainz විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපාධියත්, අචාර්ය උපාධියත් ලබා ඇති එතුමා ජර්මන් භාෂාව පිළිබඳව ප්‍රවීනයෙක් ද වෙයි.
2008 වසරේ සිට 2014 වසර දක්වා සබරගමුව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙසත් ඊට ප්‍රථම ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙසත් සේවය කර ඇති මහාචාර්ය රූපසිංහ මහතා මූලික අධ්‍යාපන ආයතනයේ පර්යේෂකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු ද වන මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා නයිටා ආයතනයේ උප සභාපති ධූරයේ වැඩ බාරගනිමින් ප්‍රකාශ කර සිටියේ තම දැනුම හා හැකියාවන් තුළින් ආයතනයට උපරිම සේවාවක් සිදුකරන බවත් අධිකාරියේ ගරු සභාපති තරංග නලීන් ගම්ලත් මහත් සමඟ එක්ව අධිකාරියේ මූලික පරමාර්ථ මුදුන්පත් කරවීමට කටයුතු කරන බවත්ය.

1
1
Image Detail Image Download
2
2
Image Detail Image Download
3
3
Image Detail Image Download
4
4
Image Detail Image Download
5
5
Image Detail Image Download
6
6
Image Detail Image Download
7
7
Image Detail Image Download
8
8
Image Detail Image Download
 
Display Num 
 
 
Powered by Phoca Gallery

Important Links

July 2020
S M T W T F S
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1